මැහැල්ලට දුන් ගම...
...මැහැල්ලට දුන් ගම...
ඉර නැව් නඟින මොහොතක සහන් සහ සරණී ගෙයින් එළියට පැන සෙල්ලම් කරන්නට විය. මඳ සුළඟත් සමඟ මුසු වූ කුරුල්ලන්ගේ කිචි බිචිය සමඟම මොවුන් දෙදෙනා වෙල්යාය මැදින් පිය මැන්නේ තම මිත්තණිය කරා පැමිණීමටය. මඳ සුළඟේ පහස විඳිමින් හිරු ගිලෙන යාමයේ මිත්තණියගේ රසවත් කතා ඇසීමට පුරුදුව සිටි මොවුන් මිත්තණියගේ නිවසට පැමිණෙන්නේ නිරායාසයෙනි. මිත්තණියගේ නිවසට පැමිණෙන මොවුන් මිත්තණිය සිපවැළඳගෙන ඇය කඩමණ්ඩියට ගොස් රැගෙන ආ පැණි බූන්දි ද අනුභව කර ඇය දෙපස දෙදෙනා අසුන් ගත්තේ කතාවක් ඇසීමේ අරමුණිනි.
"මොකක්ද අද මම මගේ පුතාලාට කියලා දෙන කතාව" යයි පවසා කල්පනා කරන්නට විය.
"අත්තම්මේ අපට ලස්සනම ලස්සන කතාවක් කියලා දෙන්න ඕනේ"
"හරි එහෙනම් පුතාලා දන්නවාද දුටුගැමුණු රජ්ජුරුවෝ රට අල්ලපු හැටි"
"නෑ ආච්චි අම්මේ"
"ඔන්න කතාව මං අද කියලා දෙන්නම්"
එක දවසක් දුටුගැමුණු රජු වෙස්වලාගෙන රටේ තොරතුරු සොයන්නට විය. ඒ යන අතරමගදී රජ්ජුරුවන්ට අධික වෙහෙසක් හා අධික පිපාසයක් දැනුන හෙයින් කුඩා කටුමැටි පැලකට පැමිණි අතර එහි සිටියේ මැහැලි කතක් පමණි.
"පව් නේද අත්තම්මේ.. මැහැලි අම්මාගේ දරුවො එහෙම නැද්ද දන්නෙ නෑනේ"
"මල්ලි කට වහගන්නකෝ පණ්ඩිත කතා කියන්නැතුව" යැයි සරණී කෑ ගැසීය.
"පොඩි එකාටත් හිතෙන දේවල්" යැයි කියා අත්තම්මා සිනාසී කතාව නැවත පටන් ගත්තාය.
නිවසට පැමිණි රජු
"අම්මේ මට වතුර ටිකක් දෙන්න පුලුවන්ද?" යැයි ඇසීය.
"මෙහෙන් ඈදිගන්න පුතේ" යැයි මැහැලි මව පවසා පොල්කට්ටකට වතුර රැගෙන ආවාය. එක හුස්මටම වතුර සියල්ල බී හමාර කළ ඔහු දෙස බලා සිටී ඇය කතාකරන්නට විය.
"පුතේ උඹ කොහේ ඉදල ද එන්නෙ. උඹට හොඳටම මහන්සි පාටයි. හොඳටම බඩගින්නේ වගේ ඉන්නේ."
"අම්මේ මං මේ ටිකක් දුර ඉඳල එන්නේ" යැයි පවසා ඔහු මඳ සිනාවක් පෑවේය.
රජු පැමිණෙන විට මැහැලි මව හුනුසාල් බත් පිසිමින් සිටි බව අත්තම්මා පැවසීය.
"අත්තම්මේ හුනුසහල් කියන්නේ මොනවද ?" සහන් කතාවට බාධා කරමින් ඇසීය.
"හුනුසහල් කියන්නේ පුතේ කැඩුණු හාල් වලට.ඉස්සර වී කොටන්නේ වංගෙඩියෙන්නේ. එතකොට හාල් කැඩෙනවා. කුඩු වෙනවා.අන්න ඒවා තමයි පුතේ හුනුසහල් කියන්නේ" යැයි පවසා නැවත කතාව පටන් ගන්නා ලදී.
ඉතාමත්ම කුසගින්නේ සිටි දුටුගැමුණු රජ්ජුරුවෝ හට හුනුසහල් අනුභව කරන්නට ආරාධනා කරන ලදී. ඉන්පසු ඇය රජු හුනුසහල් අනුභව කරන අයුරු බලා සිට මෙසේ ප්රකාශ කරන ලදී.
"පුතේ උඹේ ඔය හුනුසහල් කෑමත් දුටුගැමුණු රජ්ජුරුවෝ රට ඇල්ලීමත් එක වගේනේ"
"ඇයි අම්මේ ඔබ එලෙස පවසන්නේ" යැයි රජු මහත් උනන්දුවෙන් ඇයගෙන් විමසීය.
"පිගානේ තැනින් තැනට අත දමමින් කන්න බෑ.එතකොට ටිකක් වත් කන්න වෙන්නේ නෑ පුතේ.එක ගුලියක් හදලා පිගානේ අහේ ඉස්සරවෙලා තියන්න.ඊට පස්සේ ඒ පිළිවෙළට අහ දිගේ බත්ගුලි තියාගෙන යන්න ඉස්සර වෙලාම තිබ්බ බත් ගුලිය ළඟට එනකොට ඒ ගුලිය කාලා තව ගුලියක් තියන්න.එහෙම ගුලි හදලා තියෙන විට මුලින් තිබ්බ ගුලිය නිවෙනවා. එතකොට ඒක කන්න පුළුවන්" යැයි මැහැලිය පැවසීය.
එලෙස හුනුසහල් කා අවසන් කළ මොහු දුටුගැමුණු රජු වගේ යැයි කීවේ කුමක් දැයි මැහැලියගෙන් විමසීය.
"ඇයි පුතේ ඒ රජ්ජුරුවෝ හරියට සටන් කරලා එක තැනක් අල්ලගෙන නිලධාරීන් පත් කරලා යන්නෙ නැතුව උන්වහන්සේ රට වටේම තැනින් තැන සටන් කරනවා. එතකොට මුලින් සටන් කරපු තැන ආයෙ වෙන උන් අල්ලගන්නවා. උන්වහන්සේ එහෙමැයි සටන් කොරන්නෙ. ඉතින් පුතේ එතකොට කොහොමදැ රට අල්ලා ගන්නේ. ඕනම දෙයක පිළිවෙලක් තියෙන්න එපෑය පුතේ. උන්වහන්සේට ඔහොම නම් මේ කපේකට රට අල්ල ගන්න හම්බවෙන්නෙ නෑ.රජතුමා වුනාට මොකද උන්වහන්සේවත් වහන්සේගේ ඇමතිවරුවත් හරියට වැඩක් කොරන්ඩ දන්නෙ නෑ. මේවා උඩ ඉන්න දෙවියෝ වත් බලාගන්න ඕනෑ." මෙලෙස මැහැලි මව විස්සෝප විය.
ඔහුද එය අනුමත කර මැහැලි මවගේ සත්කාරවලට ස්තූති කර මැහැලි මවට සමුදුන්නේය.
"අත්තම්මේ..අත්තම්මේ.. එතකොට මේ මැහැලි අම්මා දන්නේ නැද්ද මේ ආවේ දුටුගැමුණු රජ්ජුරුවෝ කියලා" යැයි සහන් විමසීය.
"නෑනෙ පුතේ උන්දැ දන්නේ නෑ නොවැ"
"රජ්ජුරුවන්ට බැන්නත් නේද? රජ්ජුරුවෝ පස්සේ ඇවිත් මැහැලි අම්මා දඬුකදේ ගැහුවද අත්තම්මේ."
"නෑ..නෑ..පුතේ. කතාවේ අනිත් ටික අහගන්නකෝ"
මැහැලි මවගේ නිවසෙන් නික්ම යන රජු ඇය ප්රකාශ කළ පරිදි පිළිවෙලක් සහ මනා සංවිධානයක් සහිත ව සටන් කර රට එක්සේසත් කර නැවත මැහැලි මව සොයා පැමිණෙන ලදී.
"මැහැලි අම්මා හොදටම බය වෙන්න ඇති නේද අත්තම්මේ" යැයි සරණී පැවසීය.
"ඔව් දුවේ උන්දැ හොදටම බය වුණා"
"ඊට පස්සේ මොකද වුණේ අත්තම්මේ"
ඉන්පසුව මැහැලි අම්මා "දේවයන් වහන්ස, මට සමාවෙන්න මම එදා ඔබ රජු බව නොදැන පැවසූ දෑ වලට මට සමාවෙන්න රජතුමනි" යැයි දණ ගසා වැඳ වැටී සමාව අයැද සිටින ලදී.
"සමාව අයැද නොසිටින්න මෑණියනි. ඔබ වරදක් කර නොමැත. එදා ඔබ මට හමු නොවුනා නම් මා තවමත් පෙර පරිද්දෙන් රටේ තැනින් තැන සටන් කරමින් සිටිමි. ඔබ මට හරි මඟ පෙන්නුවා මෑණියනි. මා අද මෙලෙස රට එක්සේසත් කළේ ඔබ නිසයි. එහෙයින් මා පැමිණියේ ඔබහට කෘතගුණ දැක්වීමටයි" යැයි රජු පවසන විට මැහැලි මවට අදහාගත නොහැකි විය.
"මොනවද අත්තම්මේ රජ්ජුරුවෝ මැහැලි අම්මාට දුන්නේ"
"රජතුමා උන්දැට රන් කාසි ආදී පඬුරු දීලා ගම්වරයක් ලබා දුන්නා පුතේ. එදා දුටුගැමුණු රජ්ජුරුවෝ මැහැලි අම්මාට දුන්න ගම තමයි අද ජනප්රවාදයේ 'මැහැල්ල ගම' කියන්නේ පුතේ"
"ආ..ඒ කියන්නේ අපේ බාප්පා ඉන්න ගමනේ අත්තම්මේ. අපි ඉතින් මේ ගමේ නම හැදුනු විදිහ දැනගෙන හිටියෙ නෑනෙ. නේද මල්ලි.."
"ඒකනෙ අක්කේ. හරි ලස්සන කතාවක් නේද. හි...හි...හි... මට හිනත් යනවා රජතුමා හුනුසහල් කෑව විදිහ මතක් වෙද්දි අත්තම්මේ"
"ඔන්න ඔහොම තමයි පුතේ දුටුගැමුණු රජ්ජුරුවෝ මැහැලි අම්මාගේ කතාව අහලා රට අල්ල ගත්තෙ. රජ මාළිගාවේ ඉදලත් ගන්න බැරි වුණ උපදෙස් මඟපෙන්වීම් පුංචි පැල්පතකින් රජතුමාට ගන්න පුළුවන් වුණා පුතේ..." යැයි පවසා අත්තම්මා කතාව අවසන් කරන ලදී.
මෙලෙස මුණුපුරා සහ මිනිබිරිය අත්තම්මාගේ පුරාණෝක්ති රසවිඳ සතුටින් වෙල්යාය මැදින් තම නිවස කරා පියමැන්නේ අම්මාට සහ තාත්තාට මේ කතාව කීමේ අරමුණින් යුතුවය.
එදා මෙලෙස මැහැල්ලට දුන් ගම "මැහැල්ල ගම" වූ අතර වර්තමානයේ කටවහරෙන් මෙය "මෑල්ලගම" ලෙස ප්රසිද්ධියට පත්ව අදත් ජනප්රවාදයෙන් නොනැසී පවති. ඌව වෙල්ලස්සේ මොණරාගල දිස්ත්රික්කයේ බිබිල කලාපයේ මැදගම කොට්ඨාශයේ පුරාණ තිඹිරිය රජමහා විහාරයට යාබදව මෙම ගම පිහිටා තිබේ. එය ඉතා ප්රියකරු සුන්දර වන ළැහැබ ආදියෙන්ද කදු ගැට වලින්ද වටවී සිහිල් දිය දහරාවන් ගලා ගෙන යන්නා වූ රමණීය ගම්මානයක් ලෙස පිහිටා තිබේ. දුටුගැමුණු රජු මැහැලි මවට ලබාදුන් සන්නස තවමත් ඇයගේ පරම්පරාවේ පුද්ගලයින් අත තිබෙන බව කාටත් නොරහසකි.
-නිමි-

ලස්සනයි ..👌
ReplyDeleteලස්සනයි...❤❤❤
ReplyDeleteලස්සනයි...❤❤❤
ReplyDeleteලස්සනයි...❤❤❤
ReplyDelete